Saturday, September 24, 2011

දැන් දැන්ම නොපමාව කටයුතු කරන්න

යෝ ච පුබ්බෙ පමජ්ජිත්වා
පච්ඡ සො නප්පමච්චති 
සො ඉමං ලෝකං පභාසෙති
අබ්භා මුත්තොච චන්දිමා 

යමෙක් මුලදී පමා වුවත් 
පසුව නොපමා වේ නම්, 
ඔහු වලාකුලින් නිකුත් වූ 
සඳක් මෙන් මේ ලෝකය බබුලුවයි. 

Friday, September 23, 2011

තමා විසින් තමා දිනීම අන් කවර දෙයටත් වඩා උසස්ය

අත්තා භවේ ජිතං සෙය්යෝ
යා චායං ඉතරා පජා 
අත්ත දන්තස්ස පොසස්ස 
නිච්චං සඤ්ඤතචාරිනෝ 

දූ කෙලි ආදියෙන් අනුන් දිනීමට වඩා 
තමා විසින් තමා දිනා ගැනීම ඒකාන්තයෙන්ම ඉතා උසස්ය. 
නිතර තැන්පත් හැසිරීම් ඇති ආත්මය දමනය කරගත් පුරුෂයාගේ 
ඒ දිනීම පැරදවීමට කිසිවෙකුට නොහැක. 

( සහස්‍ර වර්ගය )

Wednesday, September 21, 2011

තමා උපමා කල විට වරදින් වැළකිය හැකිය

සබ්බේ තසන්ති දණ්ඩස්ස 
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමන් කත්වා
න හනෙය්ය න ඝාතයෙ

සියල්ලෝම දඬුවමෙන් තැති ගනිති
සියල්ලෝම මරණයට බිය වෙති
එහෙයින් තමා උපමා කොට සිතා 
අනුන් නොනැසිය යුතුය. නොනැසවිය යුතුය. 

( දණ්ඩ වර්ගය )

Tuesday, September 20, 2011

තමාට වැඩදායක දෙයක් කිරීම පහසු නොවේය


සුකරානි අසාධුනි
අත්තනෝ අභිතානිච
යාංචේ හිතන් ච සාදුඞ්  ච
තන් වේ පරමදුක්කරඞ්

තමාට අහිත වූ අයහපත් දේ 
ලෙහෙසියෙන් කරගත හැකිය. 
යම් දෙයක් තමාට වැඩදායක හෝ 
යහපත් හෝ වේ නම් එය කිරීම ඉතා අමාරුය

( ආත්ම වර්ගය )

Saturday, September 17, 2011

මනා කොට පිහිටුවන ලද සිත අන් සියලු දෙයට වඩා උතුම්ය


න තඞ් මාතා පිතා කයිරා 
අඤ්ඤ වා' පිච ඥාතකා 
සම්මාපනිහිතඞ් චිත්තඞ්
සේය්යසෝ නං  තතෝ කරෙ

මනා කොට පිහිටුවන ලද සිත 
මව් පිය නෑදෑයන් විසින් පවා 
නොකළ හැකි යහපතක් කරන්නේය
පුද්ගලයා උතුමෙකු කරන්නේය 

( චිත්ත වර්ගය ) 

Friday, September 16, 2011

සැමවිට අර්ථවත් වචන භාවිතා කරන්න

සහස්සම්පි චේ වාචා
අනත්ථ පද සංහිතා 
එකඞ් අත්තපදඞ් සෙය්යෝ
යං සුත්වා උපසම්මති 

අනර්ථ සිදු කරන පදවලින් යුත් වචන දාහක් වුවත් උසස් නැත. 
යම් වචනයක් ඇසීමෙන් මිනිසා සංසිඳීමට පත්වේ නම් 
එබඳු අර්ථවත් එක පදය පවා ඉතා උතුම්ය. 

( සහශ්‍ර වර්ගය )

Thursday, September 15, 2011

නුවනැත්තා චපල වූ සිත සැමවිට පාලනය කරගනී


ඵන්දනඞ් චපලඞ් චිත්තඞ්
දුරක්ඛඞ් දුන්නිවාරයඞ්
උජුං කරෝති මේධාවී 
උසුකාරෝව තේජනං 

චංචල වූ චපල වූ රැකීමට අපහසු, 
දුසිරිතෙන් වෙන් කොට ගැනීම අපහසු සිත, 
නුවනැත්තා,
වඩුවකු හී දණ්ඩක් ඍජු කරන්නාක් මෙන් ඍජු කරයි 

( චිත්ත වර්ගය )